Thursday, December 20, 2012

Think Different, Do Different

වැඩිපුර ඇති භාණ්ඩ ඉවත් කරමු
ඔබේ මුළුතැන්ගෙයි දෙක බැගින් ඇති උපකරණ, බඳුන්, සාස්පාන්, හැළි වළන් ආදිය වේ නම් ඒවා පිරිසිදු කොට පසෙකින් තබනා මී ළග අවස්ථාවේ මෙසේ සිතා බලන්න.
මේ භාණ්ඩය මම සම්පූර්ණ වශයෙන් භාවිතයට ගන්නේද‍?
එම භාණ්ඩය භාවිතයට ගන්නේ අර්ධ වශයෙන් බව ඔබේ නිගමනය නම්, ඔබේ සිතින් මෙම ප්‍රශ්නය විමසන්න.
මේ භාණ්ඩය මුළුතැන්ගෙයින් ඉවත් කෙරුනොත් මට යම් පාඩුවක් සිදුවේද?
මේ භාණ්ඩය ලැබුනොත් එය අගය කරනා යම් අයෙක් සිටීවිද?
වඩාත්ම යහපත් තීරණය ගැනීමේ අයිතිය ඔබ සතුය.
බැහැර කරන අරමුණින් දෙන දානය මහත්ඵල නොවන බවයි බුද්ධ දේශනාව වන්නේ. නමුත් ඔබ භාවිතයට නොගන්නා දෙයක් මසුරුකමින් දූවිලි වදිමින් ලබා නොසිට ඉන් ප්‍රයෝජනයක් ගන්නා අයෙකුට දන් දීමෙන් ඔබ හට යම් පමණක හෝ පිනක් රැස්වේ. මෙසේ සිතා කටයුතු කිරීමෙන් කිසිදු පාඩුවක් නොවිඳ මුළුතැන්ගෙය තුළ අමතර ඉඩකඩක් සකස් කර ගැනීමට ඔබට හැකි වනු ඇත. එපමණක් නොව ඔබගේ එදිනෙදා කාර්යයන් වෙනදාටත් වඩා අඩු කාලයකින් නිමා වනු ඔබටම පෙනෙනු ඇත. එවිට ඉතිරි වන්නේ ඔබේ වටිනා කාලය නොවේද? ධර්ම අධ්‍යයනයට කාලය හිග යැයි කියමින් මැසිවිලි නඟන ඔබ මුළුතැන්ගෙය තුලදී පමණක් කොයිතරම් නම් කාලය අපතේ හරින්නේ දැයි සිතා බලන්න. කාර්යක්ෂමව පිළිවෙලකට කටයුතු කිරීමෙන් කාලය ඉතිරි කරගත හැකි ආකාරය ගැන ඔබටම පුදුම හිතෙනවා නේද? මේ අයුරින් ඉතිරි කරගන්නා කාලය ප්‍රයෝජනවත් දෙයකට කැප කිරීමට මහන්සි ගන්න.

No comments:

Post a Comment

උදාවී ඇති තත්ත්වය අනුව නොකියාම බැරි කතාවකි

හිතක් පපුවක් ඇති එවුන් වෙනුවෙන් ලියමි... ඩුබායි තානාපති කාර්යාලයේ ලියාපංදිච් වී මව්බිම නැවත පැමිනීමේ අපේක්ෂාවෙන් එහි පිටත රැදීසිටින ...