හිතක් පපුවක් ඇති එවුන් වෙනුවෙන් ලියමි...
ඩුබායි තානාපති කාර්යාලයේ ලියාපංදිච් වී මව්බිම නැවත පැමිනීමේ අපේක්ෂාවෙන් එහි පිටත රැදීසිටින ලාංකිකයින් පාන්දර 1සිට රැඳී සිටින බව කීවොත් ඔබ විශ්වාස කරනවාද?
රැකියා අහිමිව, රැකියා සොයා පැමිණි බොහෝ පිරිසක් මේ අතර ගිනි අව්වේ රැඳිසිටින්නෙ තම වාරය පැමිනෙන තුරුය.
මෙවන් හදිසි අවස්තාවක අත්යාවශ්යම තානාපති සේවය පුරුදුපරිදි 8:30-සිට 1 දක්වා කාලය රාජකාරිය අකුරට ඉටුකරයි.එය ඔවුන්ගේ වරදක් නොවන බව අපි දනිමු.
දිනකට 200 දෙනෙකු පමණක් ලියාපදිංචි කරන අතර අලුයම පැමිනි අංකයක් ලබා නොගත්තොත් සිදුවන්නෙ ආපසු හැරීයාමටය. තානාපති කාර්යාලයට යන්නෙකුට පැය ගානක් එහි ඉන්නට වුවද වතුර උගුරක්වත් ලැබෙන්නේ නැත. සමහර අවස්ථාවන් වල යහමින් තවම මෙහි රැදී සිටින අය පැමිණ අහාර පාන සපයන අවස්ථා දැක ඇත. නමුත් වසරක් පාසා බියුරෝ ගාස්තුව නියම ලෙස අපි කවුරුත් ගෙවා ඇත්තෙමු.
ඩුබායි රාජ්ය විසින් විසා කල් ඉකුත් වී ඇති අයට ( විසිට් සහ රෙසිඩන්ට් )පොදු සමා කාලය අවසන් කර දඩ මුදලක් ලබන මස 14යින් පසුව අයකරන බව එරට පුවත්පත් වාර්තා කොට ඇත. අනෙකුත් සියලුම රටවල් තම පුරවැසියන් ඉවත්කර ගැනීම සිදුකරද්දී ලාංකිකයින් පමණක් අනාත කොට ලංකා රජය විසින් ඔවුන් සතුරන් ලෙස සලකන්නෙ මන්දැයි අසන්නට කෙනෙක් නැත.මෙම වාතාවරණය රාජ්යතාන්ත්රිකව ප්රශ්නයක් වීමට ඉඩකඩ විවර වන්නෙ අගෝස්තු 14 පසුවය.
සියලු පීඩාවන්ට ලක්වී අන්ත අසරණව ආහාර පවා නොමැතිව දුක් විඳින ඔබේ පවුලේ ඥාතීන් හිතවතුන් මේ අතර සිටිය හැක.
දීර්ඝ ලිපි ලියා තත්වය පැහැදිලි කිරීමට අවැසි නැත.
අවසානයේ මේ දුක්විඳින ඔබෙ සහෝදරයා අම්මා තාත්තා නෑහිතවතුන් වෙනුවෙන් ඔබෙන් බලාපොරොත්තු වන එකම දෙය නම් මේ අසරණ වුන අය අමතක කරන්න තරම් ඔබ ගුනමකු නොවන්න. විදේශ ගත අය කොරෝනා රැගෙන පැමිණ රට විනාශ කරන බව කියවෙන බොහෝ ලිපි සහ කමෙන්ට් දැක්කෙමි. එසේනම් විදේශ ගත වූ අප කාත් කවුරුත් නැති ලෙස මෙහිම මියැදිය යුතුද.

